තුන් තකතිරු කං කරපු කෙනෙක් මං

Thun Thakathirukan Karapu Kenek Man

Out of Stock
Translator
: Dileepa Jayakody - දිලීප ජයකොඩි
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9789556770476
Category
: Translations - පරිවර්තන

රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ  The 3 Mistakes of My Life  නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

ඔයයි මායි වයසින් එච්චර දුරස් නෑනේ.. ඉතින් අපිට පුලුවන් යාළුවො වෙන්න.."

"ම්.. ඔව්.. ඒත් ඒක ටිකක් අමාරුයිනේ..?"

"අමාරුයි? ඒ මොකෝ?? මට කියන්න ඇයි ඒ කියල.. අඩු ගාණෙ ඒකට ඒක හේතුවක් කියන්න.."

"එක හේතුවක් නෙවෙයි.. මං හේතු හතරක් දෙන්නං.. 1. මම ඔයාගේ ගුරුවරයා.. 2. ඔයා මගෙ හොඳම යාළුවගෙ නංගි.. 3. ඔයා මට වඩා බාලයි.. 4. ඔයා කෙල්ලෙක්."

එක,දෙක,තුන හැටියට කරුණු ඉදිරිපත් කරපු එක ගැන මට දැනුණෙ ලැජ්ජාවක්. සමහර අය කෙල්ලෙක්ව ප්‍රබෝධවත් කරන්න දන්නේ නෑ. එයාල කතා කරන හැටි දන්නේ නෑ.

එයා මාත් එක්ක හිනා වෙනවට වඩා මට හිනා වුණා.

"සොරි මගේ ලිස්ට් එකට.. මට නොම්බර අයින් කරලා ඒක කියන්නයි තිබ්බේ.."

එයා ආපහු හිනා වුණා.

"ඒ කියපු එකෙන් මට එක දෙයක් පැහැදිලියි. ඔයා ඒ ගැන හිතලා තියනව.. ඒ කියන්න අපි අතර යාළුකමක් ඇති වීමේ හැකියාව ගැන ඔයා සලකල බලල තියනවා.."

මම සද්ද නැතිව හිටියා.

Less Show More
There have been no reviews for this product yet.