හඳ පළුව තනි තරුව

Handa Paluwa Thani Tharuwa

Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
Out of Stock
Author
: Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 978955155965
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය

නම කොහොම ද?" "මොහොමඩ් අනිල් සත්‍යානන්දන්" අනතුරුව විදුහල්පතිවරයා ද්‍රවිඩ බසින් ඇමතුවේ ය. "ගම කොහෙද කීවේ?" "මඩකලපුව" "ලිපිනේ" "ටී. විපුලානන්ද බාරේ, වල්ලියාරු, මඩකලපුව" "ඔයා සිංහල ද? " විදුහල්පතිවරයා එවිට සිංහලෙන් ඇසුවේය. එය සමාව ඉල්ලන්නාක් මෙන් ය. "නැහැ" "ටැමිල්" එවර ඔහු එය ඇසුවේ තදින් ය. "නැහැ" " අයිඩින්ටිය දෙන්න" විදුහල්පතිවරයා හැදුනුම්පත හා නැවත පත්වීම් ලිපිය පරීක්ෂා කර සෑහිමකට පත්වෙන්නට බැලුවත්, කුතුහලය සන්සිදුණු වගක් නො පෙනිණි. "බර්ත් ස්ටිපිකෙට් එක තියනව ද" " ඒක ස්කෝලෙට ඕන නැහැනෙ සර්.." මෙවර තරුණ ගුරුවරයා දෙමළෙන් පැවසීය. ඔහු එය කීවේ සිනාසෙමින් ය. "සර්ගෙ ප්‍රශ්නය ජාතිය නම් මට කියන්න තියෙන්නේ මම ජාතිය දන්නෙ නැති මිනිහෙක්... උපතින් ලාංකික කියලයි මම දන්නේ" 2017 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත. 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. ‘හඳ පාළුව තනි තරුව’’ පොත පොඩි උනාට දෙන අධ්‍යනය විශාලයි. අපි ලාංකික මුස්ලිම් සමාජය සමඟ කොතරම් බැදීමක් අතීතයේ තිබුණද කියන එක වගේම දෙමළ ජනයා සමඟ කෙතරම් ලේ බැදිමක් තිබුණද කියන එක අහන්ඩවත් අපේ සිංහල සමාජය කැමති නෑ. මේ සියලූ දේ අමතක කරලා වර්තමානේ සිංහල ලේ හොයනවා.

Less Show More
There have been no reviews for this product yet.