මේ රහස් කවුළුවෙන් එබෙන්න

Me Rahas Kawluwen Ebenna

Kaushalya Kumarasinghe - කෞශල්‍ය කුමාරසිංහ
Out of Stock
Author
: Kaushalya Kumarasinghe - කෞශල්‍ය කුමාරසිංහ
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9786245546046
Category
: Novels - නවකතා

මේ නවකතාව තුළ එක් පසෙකින් දිවෙන අනුරාගික පළිගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන අහිමිවීම්වල දොම්නසේ කතාවක් මුණගැසී නොගැසී යයි.

නව අගනාගරික මධ්‍යම පන්තියේ ජීවිතයට අගනගරයට සංක්‍රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි. මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක කුරිරු සෞන්දර්යයෙන් මේ කෘතිය රාමුගත වී ඇත.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිස්හය වන තට්ටුවේ සිට නගරය දකිමින් ඒ මතට පහත් වන බැල්මක් මේ දැන් එතැනින් ඉවතට ඇදී යන KIA ජීප් රථයක් පසුපස හඹා යන අතර නවකතාව දිගහැරෙන්නේ රිය පදවන තරුණ මානව සම්පත් කළමනාකාරවරයාගේ අති පුද්ගලික ජීවිතය වෙත එබෙමින්ය.

සිනමාත්මක සාහිත්‍ය අත්දැකීමක් ලබා දෙමින් සමකාලීන ලංකාවේ මිනිස් ජීවිතයේ සූක්ෂමතා නිරාවරණය කරන්නට උත්සාහ කරන මෙය හරුකි මුරකමිගේ After Dark නවකතාවේ ආඛ්‍යාන ශෛලිය සිහිපත් කරවයි.

Less Show More
There have been no reviews for this product yet.