එංගලන්තයේ සැබෑ ලෝකය

Engalanthaye Saba Lokaya

Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
In stock
Author
: Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
Publisher
: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
ISBN
: 9789551188948
Pages
: 168
Category
: Novels - නවකතා
දර්ශනා ශම්මි විජේතිලක ගැන ලියන විට මා උගත් ගාල්ලේ මහින්ද විද්‍යාලය ද මගේ මතකයට එයි,ඒ  දර්ශනාගේ මහගෙදර පිහිටා ඇත්තේ අපේ පාසල ඉදිරිපිට නිසා හෝ ඇගේ පියතුමා මහින්දයේ ගුරුවරයකු වූ නිසා හෝ නොවේ, හැත්තෑව දශකයේ මැද පෙරදිග රටවලට හෝ බටහිර යුරෝපයේ රටවලට හෝ යෑම ඇරැඹි නොතිබූ ඒ කාලයේ ලංකාවේ මිනිසුන්ට පිටරට යෑම යනු එංගලන්තයට යෑම මිස අනෙකක් නොවීය. එහෙත්, කෙනකු පිටරට යෑම පුවත්පතක ප්‍රවෘත්තියක් වන තරම් වැදගත් වූ ඒ කාලයේ දී අපේ පන්තියේ සිටි එකම ගැහැනු ළමයාගේ අක්කලා දෙදෙනකු එංගලන්තය ගැන උණුසුම් කතා ඇසීමු. පසු කලෙක මා දැන හඳුනාගත් දර්ශනා අප හා එක පන්තියේ සිටි මිතුරියගේ ද, ලන්ඩන් ගිය ඇගේ සොහොයුරන් දෙදෙනාගේ ද බාලම නැගණිය වන්නීය. එහෙයින් බහ තෝරන කාලයේ පටන් එංගලන්තය හා නෑකම් පැවැත් වූ දර්ශනා ලන්ඩනය ගැන ලිවීම මට පෙනී ගියේ ඉතා ස්වාභාවික දෙයක් හැටියට ය. එංගලන්තයට ගිය අපේ බොහෝ දෙනා එරට ගැන නොයෙක් දේ ලියා ඇතත් දර්ශනා එරට සිය අත්දැකීම් තුළින් “ලක්බිම” ඉරිදා සංග්‍රහයට ලියූ ලිපි මාලාව ඒ සියල්ල ඉක්මවා ජනප්‍රිය වන්නට හේතු වුයේ ලන්ඩනය මෙසේ ඇඟේ ම තිබිම බව මම විශ්වාස කරමි.
Less Show More
There have been no reviews for this product yet.