කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය. කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනියක් ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬබව සමග පරිසරයට ගුප්තබවක් එක් වී ඇත. ඒ නිහඬ ගුප්තබව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.