අටවක පුත්තු

Atawaka Puththu

Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
Out of Stock
Author
: Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9789551559922
Category
: Awards - සම්මාන, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.569 kg

පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේන කුමාරයත් එක්ක එකතු වෙලා දෙමල ගෙවල් ගිනි තිබ්බා. ඔහු ඒ හින්දා කෑ ගහලා ඇඬුවා. ඔහුගෙ තුන් වෙනි උපන්දිනේට වෙඩි සද්ද පූජාවක් තියන්න හිතපු හාමුදුරුවෙක් අගමැතිට වෙඩි තියලා බුද්ධසාසනෙත් බේරුව. ''හොරිකඩ ගෙරිගනය.'' ඔහු උසස් පෙල පන්තියට තේරෙන්න අසමත් උන තරහට හැත්තෑ එකේ කොල්ලො පොලිසියට වෙඩි තිබ්බා. පාලං ගාව කොල්ලන්ට වෙඩි තියල ගඟේ පා කරල ඇරල. ''තේගූරා බල්ලො'' ''සිරිම හීරි යකින්න'' දෙසැරයක්ම තැත් කරල ඔහු කැම්පස් තේරෙන කොට, ගමේ ශ්‍රී ලංකා ගෙවල් සේරම, තමන්ගෙ ගෙදරත් එක්කම, අසූචිවලින් නෑ උනා. ඔහු සහකාර කථීකාචාර්යවරයෙක් උන එක සමරන්න සිංහල මැරයො ආයෙත් දෙමල ගෙවල් ගිනි තියල ජූලියක්ම කලු කරල මුලු රටක්ම අලු කෙරුව. මේ ඊයෙ පෙරේදා තමන්ට ජ්‍යෙශ්ඨ කථීකාචාර්ය පදවිය ලැබීම සමරන්න ආයෙත් රට ගිනිගන්න පටන් අරන්. ආයෙත් මහ විනාසයක් ලඟ ලඟ

Less Show More
There have been no reviews for this product yet.