නිම්නාගේ ඉතිහාසය

Nimnage Ithihasaya

Kaushalya Kumarasinghe - කෞශල්‍ය කුමාරසිංහ
Out of Stock
Author
: Kaushalya Kumarasinghe - කෞශල්‍ය කුමාරසිංහ
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9786245087822
Category
: Novels - නවකතා
Weight
: 0.755 kg

නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තණියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ  ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආධ්‍යාත්මිකත්වයට අනාගතයේ ආධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත. එසේම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4 කින් පරිච්ඡේද 75 කින් හා පිටු 667 කින් සමන්විත ‘නිම්නාගේ ඉතිහාසය’ තුළ සිදුවනු ඇත්තේ කුමක් ද?

කෞශල්‍ය කුමාරසිංහ සිය පලමු නවකතාව වන ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ ප්‍රකාශයට පත් කරන්නේ 2014 වසරේ දී ය. සිංහල නවකතාව වෙනස් මඟකට කැඳවන නවකතාවක් ලෙස විචාරක පාඨක ප්‍රසාදය දිනා ගත් එය පසුව දෙමළ, උර්දු හා හින්දි භාෂාවන්ට පරිවර්තනය වී ඉන්දියාවේ හා පකිස්තානයේ දී  ප්‍රකාශයට පත් විය. එසේම එම පොතෙන් හතරෙන් එකක පමන කොටසක් ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කර මධුභාෂිණී දිසානායක රත්නායක විසින් තම Rooms in Unfamiliar Houses : Sinhala Fiction from Post war Sri Lanka කෘතියට ඇතුලත් කර ඇත. එම පොත ඉදිරියේ දී එලිදැකීමට නියමිත ය. 

නිම්නාගේ ඉතිහාසය ඔහුගේ දෙවන නවකතාවයි.

Less Show More
There have been no reviews for this product yet.