කුමර කොබෙයි

Kumara Kobei

Shamel Jayakody - ශමෙල් ජයකොඩි
Out of Stock
Author
: Shamel Jayakody - ශමෙල් ජයකොඩි
Publisher
: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
ISBN
: 9786245087082
Pages
: 363
Category
: Novels - නවකතා
Weight
: 0.363 kg

නිහඬ ගති පැවතුම් ඇති, කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීරිඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟව සිටින සිය පෙම්වතා, කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය. අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු මාවත් දිගේ උතුරු ඇමෙරිකානු භූමිය මත ඇදෙන ඒ සතියක ගමන ඇයට අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය; හදවතේ ගැඹුරද, ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය. සිය පමා වූ විවාහය තුළ තිබූ අවනම්බුව, මංමුලාව, අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප්‍රමෝදය, මිත්‍රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද, ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි. වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අපේ පැවැත්මේ නූතන පැතිකඩක් ආකර්ෂණීය මෙන්ම ශෝකාත්මක හඬකින් අපූර්ව ලෙස ගෙත්තම් කරමින්, කොදෙව්වක උපන් මිනිසුන් මහාද්වීපයක් මත අත හරින මෙම නවකතාව, සන්තුෂ්ටිය සොයා යන ලාංකික මිනිස් සමාජයක් අත්දකින ආලෝකය හා අඳුර නිරාවරණය කරන්නේ ජීවිතය යනු මහාද්වීපික ගමනක්ම බව පසක් කරමිනි.

Less Show More
There have been no reviews for this product yet.