සෑන්ඩ්ස්ටෝම්

Sandstorm

James Rollins
Out of Stock
Author
: James Rollins
Translator
: Manjula Dissanayake - මංජුල දිසානායක
Publisher
: Muses Publishing House - මියුසස් ප්‍රකාශන ආයතනය
ISBN
: 9789553727602
Pages
: 850
Category
: Translations - පරිවර්තන
Weight
: 0.975 kg

ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා, ගැලරියෙහි එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර, ගේට්ටුවෙහි වානේ සැකිල්ල මත ගැටෙනා විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී, දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි.'

කාරා කෙන්සිංටන් ආර්‍යාවගේ පවුල විසින් අතිමහත් ධනයක්, ශ්‍රමයක් වැයකරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසිවිටකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය:

අරාබි කාන්තාරය පත්ලෙහි මිහිදන් වූ අතුරුදන් නගරයක්...

අදහාගත නොහැකි විස්මයන්ගෙන් පිරුණු තැනක්...

රජයෙහි රහසිගත නියෝජිතයකුද එය සොයා පැමිණ තිබිණි. නමුත්, එම අන්තරායකර ගවේෂණයෙහි අවසානයෙහි යොමුව තිබුණේ පරාදීසයක් වුව නිර්මාණය කළ හැකි - එසේත් නැතිනම් වසර සහස්‍ර ගණනාවක් ඔස්සේ දිවෙනා මිනිස් ශිෂ්ටාචාරයෙහි එතෙක් මෙතෙක් තුරාවට ගොඩනැංවූ සියල්ලම බිඳ හෙළිය හැකි, සදාකාලික වූ අසීමිත බලයක් වෙතයි.

Less Show More
There have been no reviews for this product yet.