අවසන් කටයුතු දිල්ලියේදී

Awasan Katayuthu Dilliyedi

Chetan Bhagat - චේතන් භගත්
In stock
Author
: Chetan Bhagat - චේතන් භගත්
Translator
: Dileepa Jayakody - දිලීප ජයකොඩි
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9786242040387
Pages
: 493
Category
: Translations - පරිවර්තන
Weight
: 0.625 kg

Chetan Bhagat විසින් රචිත One Arranged Murder  කෘතියේ සිංහල පරිවර්තනය

ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්.... ගස්..... වැල්..... වතුර මල්.... පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්!

ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික් කෙනා කී බෝර්ඩ් එක වාදනය කළා. ආදිත්‍ය නිල්පාට ජීන්ස් එකට කළු පාට අත් නැති ටී ෂර්ට් එකක් ඇඳල හිටියෙ. ඔළුවෙ පටියක්...! මැණික් කටුවෙ චේන් එකකුත් පටලගෙන!

Less Show More
There have been no reviews for this product yet.