හද දොර යතුරු

Hada Dora Yathuru

Dileepa Jayakody - දිලීප ජයකොඩි
In stock
Author
: Dileepa Jayakody - දිලීප ජයකොඩි
Publisher
: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ (Surasa - සුරස)
ISBN
: 9789556779479
Category
: Translations - පරිවර්තන

විවාහක යුවලක් තම තමන්ගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික අරුමැසියන් ඉතා විවෘතව තම දිනපොත්වල සටහන් කරති. අනතුරුව ඒවා සඟවා තබති. එසේ සඟවා තබන්නේ කොයි මොහොතක හෝ තම සැමියාට හෝ බිරිඳට තමාගේ දිනපොත කියවන්ට ලැබේවායි යන ගුප්ත ප්‍රාර්ථනා සහිතවය.

ලිංගික බෙලහීනත්වය නිසා ඇතිවෙන බියසුළු බව හේතුවෙන් මුහුණපාන්නට වන ව්‍යාධිමය තත්ත්වයන් හේතුකොට ඛේදනීය තත්ත්වයට පත්වන තම බිරිඳට බෙහෙවින් ආදරය කරනා මැදි වයසේ පිරිමියෙක් හා ඔහුගේ බිරිඳ වටා මෙම කතාව ගෙතී ඇත.

සම්ප්‍රදායානුකූලව හැදී වැඩුණු; තම අව‍යාජ හැඟීම් සිය ස්වාමිපුරුෂයාට පවා අනාවරණය නොකරන බිරිඳගේ හැගීම් පුබුදුවාලීමට සිය ජීවිත කාලය පුරාම තැත් කළ ද, ඇය ඉදිරියේ ඔහුගේ ලිංගික හැඟීම් විකසිත වන්නේ ඊර්ෂ්‍යාව පාදක කරගත් අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් වීම තුළ ඔවුන්ගේ ජීවිත සංකීර්ණ තත්ත්වයට පත් කෙරෙයි.

Less Show More
There have been no reviews for this product yet.