ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය "ද ග්රෝව් " වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්රතිබිම්බය දෙස බැලීමක්ද..??