යොවුන් පරපුර උදෙසා ලිවීම පහසු නැත. ඒ සඳහා යොවුන් සිතුම් පැතුම් පිළිබඳ මනා හැඟීමක් තිබිය යුතුය. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ‘කුම්මා’ නිර්මාණය කරන්නේ ඒ අපූර්ව වූ හැඟීම තුළ ජීවත් වෙමිනි. ‘ලොකු අම්මා’ යනුවෙන් උච්චාරණය කරන්ට තරම් නොවැඩුණු කුඩා දැරියක ‘කුම්මා’ යනුවෙන් පවසනු ඇසීම තුළින් තමා තුළ හටගත් සෙනෙහස මුසු චමත්කාරජනක හැඟීම මේ යොවුන් නවකතාව ලියන්නට ලේඛිකාව තුළ පෙලඹවීමක් ඇති කොට තිබේ. නවකතාව පුරා විහිද යන්නේ ඒ අපූර්ව වූ හැඟීමය.