ලවානා

Lavana

Marissa Meyer - මරිස්සා මේයර්
Out of Stock
Author
: Marissa Meyer - මරිස්සා මේයර්
Translator
: Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
Publisher
: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
ISBN
: 9786245519132
Pages
: 223
Category
: Translations - පරිවර්තන

ඉතාමත් කෙටි කලකදී ශ‍්‍රීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනප‍්‍රියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ලොව පුරා ඉතාමත් ප‍්‍රසිද්ධ පොත් පෙළකි. විශේෂයෙන්ම ෆැන්ටසි හා විද්‍යා ප‍්‍රබන්ධ ශානරවලට කැමැත්තක් දක්වන අය මෙම පොත්වලට ආදරය කරති. චන්ද්‍ර පුරාවෘත්ත මෑත කාලයේ රචනා වුණු, සුරංගනා කතා නැවත කීමේ න්‍යාය අනුග මනය කර සාර්ථක වූ පොත් පෙළක් ද වෙයි. මෙම පොත් මාලාවේ Cinder, Scarlet, Cress, Fairest: Levana’s Story සහ winter නමිත් නවකතා පහක් ඇත,

“චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත් කරන නවකතාවකි, ඉංග‍්‍රීසියෙන් prequel යනුවෙන් හඳුන්වන කතාවකි. කතුවරිය මෙවැනි කතාවක් රචනා කරන්නේ චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ දුෂ්ටයාගේ චරිතය දරන ලවානා රැුජනගේ කතාව කීමටයි. කතුවරියට අනුව ලවානාගේ චරිතයSnow White and the Seven Dwarves සුරංගනා කතාවේ ඉන්නා නපුරු රැුජනගේ චරිතය මත පදනම් වී ඇත.”

Less Show More
There have been no reviews for this product yet.