'ගමේ සමහර වැඩිහිටියන් කී විදිහට පන්සලේ ගැහැනියක් සිටීම මාගම් සෝලියකි.ඒ අනුව සෝබනී පන්සලේ සිටීමත් ඔවුන් දුටුවේ මාගම් සෝලියක් ලෙසය...එහෙත් සැබවින් ම මේ පන්සලේ හිටියේ උන්නාන්සේ කෙනෙක් නොවූ ඇබිත්ත උන්නාන්සේ කෙනෙක් ය...'
සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණ නිරුවතින් සයනය මත පද්මාසනයෙන් හිඳ ඔවුනොවුන් දෙස බලාගෙන නෙත් පියා භාවනානුයෝගීව සිටියහ. - එහෙත් ඇත්තම කාරණය ඇබිත්ත උන්නාන්සේ සිටියේ සයනය මත නොවේ. පද්මාසනාරූඩ වූ ඔහුගේ සිරුර සයනයෙන් මදක් උඩ අවකාශයේ පාවෙමින් තිබුණේය.