මන්දාරම් උයන

Mandaram Uyana

Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
In stock
Author
: Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
Publisher
: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
ISBN
: 9789553307850
Pages
: 175
Category
: Novels - නවකතා, ස්වර්ණ පුස්තක සම්මානය
Weight
: 0.22 kg

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර බාගයක පමන වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හොදින් හිරු පායා  ඇති දිනෙක වුවද අඳුරුය. නුග ගසකින් හෙවන වී ඇති නිසා  එම නුග ගසේ කොල වැටී පල් වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පදුර යට ඇති ගල් බංකුව මත වාඩි වී  පොකුණ දෙස බලා සිටීම දුල්කිත්ගේ දින චර්‍යාවේ අංගයකි.එසේ බලා සිටින විට පොකුනෙන් මතුවන  විවිධාකාර සතුන් ඔහුට දැකගත හැකිය. පෙණය විධහාගෙන එන කළු පැහැ නාගයින්.අං සහිත විශාල කටුස්සන්  ඇස්වලින් හා මුවින් ගිනිදළු විහිදන මකරුන්,හැඩපලු ගෙතී ඇති කෙස්වැටි වලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැනුන් මිනිසුන්  මොවුන් සියල්ලන් සමඟ කතා කරමින්  කාලය ගත කරන  දුල්කිත් මේරි අම්මාගේ  නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස් වූ සිතිනි.

Less Show More
There have been no reviews for this product yet.