තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ඔහු තම පර්යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පර්මෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතවේදීන් ගැනය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය අතර මං මුළා වෙති..