"තමුන්නැහෙගෙ දෝණියැන්දැ මගේ බලගතුම නැට්ටුවා පැහැර ගෙන ගියා.
මගේ ලෙයින් හැදිච්ච මගේ අතිඡාත පුත්‍රයා"
මේ ඇවිත් ඉන්නෙ පෙරහැරේ නටන කිවිඳාවත්,කථකලි නැටුමෙ ම රාවණාවත්,ගැටබෙර වයන බෙර වාදකයාවත්,බවුල් සංගීතයටයි,මෙහුවගේ කුටියටයි වහ වැටුණු නිත්‍ය සුන්දරවත් නෙවෙයි.මෙි ඇවිත් ඉන්නෙ බන්ධනයක හෘදය සාක්ෂිය.මාව වහලෙක් කර ගැනීමෙි අදහස තවම අත ඇරලා නැද්ද කියලා අහනවා වෙනුවට,නිත්‍ය සුන්දර බිම ඉඳගත්තා.
වන්නාත් බිම ඉඳගත්තා.
"ආවාට බොහොම ස්තුතියි"
"එන්න කිවිවට බොහොම ස්තුතියි"
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.