විරාගය

Viragaya

Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
Out of Stock
Author
: Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
Publisher
: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
ISBN
: 9789558415480
Pages
: 209
Category
: Novels - නවකතා
Weight
: 0.27 kg

මගේ කාමරය ද පාළු ය; නිවසද පාළු ය; දවල් කාලයෙහි ඇඳෙහි වැතිර සිටින මට නින්ද යන්නේත් නැත; නොයන්නේ ත් නැත. නින්දත් නොනින්දත් අතර ලෝකයක වැතිර සිටින මට බල්ලෙකුගේ බිරුම් හඬ ඇසෙන්නේ සිංහයෙකුගේ ගිගුරුම් හඬක් ලෙසිනි. සුලු කායික වේදනාව පවා අඟපසඟ වැගිරෙන කලක මෙන් මහත්ව දැනේ. අල්මාරිය උඩ වැටෙන ගල් කැටක් නිසා නඟන හඬ පිපිරුම් හඬක් සේ ඇසෙයි. මඳක් කය සොලවා ඇස් විදහා වටපිට බැලීමෙන් පසු මගේ කායික වේදනාව අතුරුදහන් වෙයි. පෙර මා ඇඳෙහි වැතිර මගේ සිත අතීතය පුරා ඇවිදියි. දැන් මගේ සිත ඇඳෙහි වැතිරුණු කය මෙන් හදෙහි වැතිර ඉන් පිට නොයයි.

Less Show More
There have been no reviews for this product yet.