දඩයම් බල්ලෝ

Dadayam Ballo

Sameera Ekanayake - සමීර ඒකනායක
Out of Stock
Author
: Sameera Ekanayake - සමීර ඒකනායක
Publisher
: Grantha Publications - ග්‍රන්ථ ප්‍රකාශන
ISBN
: 9786245572380
Category
: Novels - නවකතා

සිදු වූ කිසිවක ශේෂ වූ ප්‍රතිඵලයන් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළේ වටපිට කිසිවක් පිළිබඳව අවධානයක් ලබා නොදෙමින්ය. ඒ සමඟින්ම නැවතත් ඔහුගේ දුරකතනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කාර්යයෙහි සාර්ථකත්වය පිළිබඳව සැල කිරීමේ ආශාවෙනි.

"මොකද බල්ලො තොපි ෆෝන් ගන්නෙ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සීයකට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවී මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජිවිත තියෙන්නෙ ඔය කෙල්ලගෙ අතේ.”

වෙඩික්කරුවාගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස් තිබුණි. "බො... බොස් ම...ම... මං කෙල්ලට තිබ්බා. කෙල්ල එතනමයි." ඔහු පැවසුවේ වෙව්ලන ස්වරයෙනි.

Less Show More
There have been no reviews for this product yet.