“ඒකත් එහෙම නම් තේ කෝප්පයක්වත් වත්කරන්න වේවි...”
“ඒ මිනිහට යන්න කියන්න හාමුදුරුවනේ. ලොකු වින්නැහියකට ඔය ගාටන්නෙ. ඔය හොඳකට එන ඒමක් නොවෙයි.”
“වෙන ආගම්වලත් යහපත් උදවිය ඉන්නවා. මේ ඒ වාගේ යහපත් ඇත්තෙක්.”
“අර සුමේධා කියන දහදුරාවි පන්සලට ගාටනකොටත් ඒ දවස්වල මම කිව්වා. ඇහුවයැ... මේ උන්නැහෙගෙ මේ ගෑටිල්ලත් ආන් ඒ වාගෙ තමා....”