කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇති ආකාරයත් මත පදනම්ව ඇත .
එම තේමාව අප වෙත ගෙන ඒම සඳහා කූජනා ,විසල් ධනවර්ධන , සමාරා , රිතිකා , සම්මානි , ධනේශ් වැනි චරිත ඇගේ පන්හිඳෙන් ජීවය ලබා ඇත .
දේශපාලනය ඇතුලත , පිටතට නොපෙනෙන පැතිකඩ , සාධුවරුන් මෙන් ජීවත්වනවා යයි පෙන්වාගෙන සිටින දේශපාලනඥයින්ගේ යතාර්ථය , සත්කාර සම්මාන වලට නතු වී , බුදුන් වහන්සේ වදාල ශ්‍රේෂ්ඨ ධර්මයේ හර පද්ධතීන් පාවා දෙන්නන් ගැන යතාර්ථවාදී විවරණයක් , පොත පාථකයා වෙත ගෙන එයි . ඇය ලියා ඇති පොත් අතරින් ඉතා ප්‍රබල ස්මාජ විවරණයක් ගෙන ආ පොත මෙය යයි පිළිගත හැක